ඔයාගේ සේවකයන් මඟ නොහැර අවසන් කරන ඉංග්‍රීසි පාඨමාලාවක්.

Tutoro එක්ක ඔයාගේ හැම සේවකයෙකුටම තමන්ගේම AI ඉංග්‍රීසි ගුරුවරයෙක් ලැබෙනවා. පෞද්ගලික ගුරුවරයෙකුගෙන් ලැබෙන තරම් හොඳ පාඩම් නිසා හැමදාම ආසාවෙන් ඉගෙනගන්නවා.

පටන් ගන්න

ඩෙමෝ එකකට වෙලාවක් වෙන් කරගන්න

එක් සේවකයෙකුට මාසිකව $9 සිට. ඕනෑම වෙලාවක අවලංගු කරන්න පුළුවන්.

Tutoro වැඩ කරන හැටි · විනාඩි 2

වැඩ කරන හැටි බලන්න

වීඩියෝව වසන්න

  • ඊළඟ මට්ටමට ගියා!

    A1 → A2

  • + 138 XP

    මේ වෙනකම් හොඳම දවස

  • ද්වන්ධ සටන දිනුවා

    වට 3ට 1යි

  • අද දවසේ කාර්යයන් සම්පූර්ණයි

    3 / 3

  • දින 30ක Streak

    එක දවසක්වත් මඟහැරලා නැහැ

  • + 250 කාසි

    සතියේ බෝනස් එක

  • ඊළඟ මට්ටමට!

    A2 → B1

  • ලීගයේ පළමු තැන

    30 දෙනාගෙන් 1වැනියා

  • අලුත් ගුරුවරයෙක් ලැබුණා

    Katie

  • ඔක්කොම හරි!

    12න් 12ම හරි

  • පාඩම් කොටස අවසන්

    සංචාර

  • මුල්ම සම්පූර්ණ වාක්‍යය

    හඬ නඟා කිව්වා

  • එක දිගට පාඩම් පහක්

    එක වාරයකදී

  • අලුත් ඇඳුමක් ලැබුණා

    5 000 ක් වැය කළා

  • ඊළඟ මට්ටමට!

    B1 → B2

  • කතා කිරීමේ පරීක්ෂණයෙන් සමත්

    දෙවැනි උත්සාහයෙන්

සමාගම් අපිව විශ්වාස කරනවා

  • 500

    +

    සමාගම්

    Tutoro සමඟ සේවකයන්ට ඉංග්‍රීසි උගන්වනවා

  • 1M

    +

    සේවකයන්

    හැමදාම ඉගෙන ගන්නවා

  • 87

    %

    සක්‍රිය පරිශීලකයන්

    දින 90කට පසුවත් දිගටම පුහුණු වෙනවා

  • Northbeam

  • ALTAVIA

  • Quadra

  • helioworks

  • Verado

Tutoro එක්ක ඔයාගේ සමාගමට ලැබෙන දේ

දවසකට විනාඩි 15ක් ෆෝන් එකෙන් ඉගෙනගන්න. පන්තිවලට වෙලාව වෙන් කරගන්න ඕනෙත් නැහැ. බලන්න, ඒකෙන් ඔයාගේ සමාගමට ලැබෙන වාසි.

  • ගනුදෙනු සාර්ථක කරගන්න ඉංග්‍රීසි

    වැරදි අවබෝධයක් නිසා ජාත්‍යන්තර ගනුදෙනුවක් අසාර්ථක වුණු බව විධායකයන්ගෙන් 49% ක් කියනවා. පෞද්ගලික ගුරුවරයෙකුට යන වියදමට වඩා 50 ගුණයක් දක්වා අඩු වියදමකින් Tutoro එක්ක ඔයාගේ සේවකයන්ගේ ඉංග්‍රීසි දියුණු කරන්න.

  • සේවකයන් මඟ නොහරින පුහුණුවක්

    ගුරුවරුන් සමඟ ඉගෙනීමට වඩා AI සමඟ පුහුණුවෙන් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩියෙන් දියුණු වුණා. Tutoro ඒ පුහුණුව දිනපතා පුරුද්දක් කරනවා. ක්‍රීඩා අංග නිසා සේවකයන්ගෙන් 88%ක් වැඩි සතුටකින් ඉගෙනගන්නවා.

  • සේවකයන්ගේ හැකියාවන් දියුණු කරන්න. බඳවා ගැනීමේ වියදම් අඩු කරන්න.

    ඉගෙනීමට මුල් තැන දෙන සමාගම්වල සේවකයන් රැඳී සිටීම 57% කින් වැඩියි. සමාගම ඇතුළේම වෙනත් තනතුරුවලට යාමත් 23% කින් වැඩියි. ඒ නිසා ඔයාට පිටතින් අලුත් අය බඳවාගන්න වෙන්නේ අඩුවෙන්.

අනෙක් ක්‍රම එක්ක බලද්දී

Tutoro වඩා හොඳ ඇයි?

සේවකයන්ට පහසු විදිහට ඉගෙනගන්න පුළුවන්. ඔයාට පරිපාලන වැඩ අඩුයි, වියදමත් කලින්ම සැලසුම් කරගන්න පුළුවන්.

තෝරාගන්න පැකේජය සහ සේවකයන් ගණන අනුව මිල වෙනස් වෙනවා

කණ්ඩායම් පන්ති

පෞද්ගලික ගුරුවරයෙක්

Tutoro

  • එක් සේවකයෙකුට යන වියදම

    මාසයකට $180 - $320

    පැයකට $40 - $120

    මසකට $9 සිට

  • පාඩම් කාලසටහන

    නියමිත කාලසටහනකට පන්ති

    පාඩම් කලින් වෙන් කරගන්න ඕනෙ

    විනාඩි 15ක් විතරක් තිබුණත්, පහසු ඕනෑම වෙලාවක ඉගෙනගන්න

  • එක් එක් අයට ගැළපෙන ඉගෙනීම සහ දිරිගැන්වීම

    හැමෝම එකම වේගයෙන් ඉගෙනගන්න ඕන. ක්‍රීඩා අංගත් අඩුයි.

    ඔයාට ගැළපෙන විදිහට උගන්වනවද කියන එක ගුරුවරයා අනුව වෙනස් වෙනවා

    එක් එක් සේවකයාගේ මට්ටමට සහ ඉලක්කවලට ගැළපෙන පාඩම්. දිගටම ඉගෙනගන්න ආස හිතෙන ක්‍රීඩා අංග

  • මානව සම්පත් අංශයට ප්‍රගති තොරතුරු

    පැමිණීමේ වාර්තා

    මානව සම්පත් අංශයට ප්‍රගතිය ගැන ලැබෙන තොරතුරු අඩුයි

    එසැණින් යාවත්කාලීන වන දත්ත පුවරුව + ප්‍රගති වාර්තා

  • මුළු ආයතනයටම පුහුණුව

    කණ්ඩායම් වැඩි වෙද්දී සම්බන්ධීකරණයත් අමාරුයි

    අලුත් සේවකයෙක් එකතු වෙන හැම වතාවකම වියදමත් පරිපාලන වැඩත් වැඩි වෙනවා

    සේවකයන් හැමෝම ඉගෙනීමට එක් කරගන්න ලේසියි

මුල් පියවර

වැඩේ වෙන්නේ මෙහෙමයි

අවශ්‍ය සේවකයන් ගණනට දායකත්ව ඔයාම මිලදී අරගෙන, ඔවුන්ට ආරාධනා කරන්න. එදා දවල්ම හැමෝටම පුහුණුව පටන් ගන්න පුළුවන්.

  • ඉගෙනගන්න අයගේ ගණන තෝරන්න

    සේවකයන් කී දෙනෙකුටද, කොච්චර කාලයකටද කියලා තෝරන්න.

  • සේවකයන්ට ආරාධනා කරන්න

    ඊමේල් ලිපින ලැයිස්තුවක් පේස්ට් කරන්න, නැත්නම් එක්වෙන්න එකම ලින්ක් එක හැමෝටම යවන්න.

  • ඔවුන් කතා කරන්න පටන් ගන්නවා

    ලින්ක් එක එක පාරක් ටැප් කළාම ඔවුන්ගේ පළමු පාඩමට කෙළින්ම යන්න පුළුවන්.

  • ඔවුන්ගේ දියුණුව බලාගන්න

    Streak, සතියේ ඉගෙනුම් ක්‍රියාකාරකම් සහ ඉංග්‍රීසි මට්ටමේ දියුණුව එකම තිරයකින් බලන්න.

දිගටම ඉගෙනීම

සේවකයන් ඉගෙනීම අත් නොහරින්නේ ඇයි?

  • හඬ නඟලා කතා කරන ඇත්තම පාඩමක්

    ඔයා කතා කරන්න. ගුරුවරයා උත්තර දෙනවා, පැහැදිලි කරලා දෙනවා, ඒ අතරේ අභ්‍යාසත් දෙනවා.

  • ඕනෑම අවස්ථාවක කතා කරන්න පුරුදු වෙන්න

    රැකියා සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න, වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න, වික්‍රමාන්විත කතාවකට එක්වෙන්න - නැත්නම් ඔයාම අවස්ථාවක් හදාගන්න.

  • කතා කරන්න කැමති කෙනාව තෝරගන්න

    එක එක උච්චාරණ රටා, එක එක ගතිගුණ තියෙන ගුරුවරු. ඔයාට කතා කරන්න හිතට අල්ලන කෙනාව තෝරගන්න.

  • හදාගන්න ඕන තැන් හරියටම දැනගන්න

    හැම පාඩමක්ම ඉවර වුණාම ඔයාගේ ලකුණු බලන්න. ආයෙ ආයෙත් වරදින තැන් හඳුනගන්න.

  • මතකයේ රැඳෙන වචන

    ඔයාට අමතක වෙන්න යන වචන හොඳට මතක හිටිනකම් පුංචි ක්‍රීඩාවලදී ආයෙ ආයෙ හමුවෙනවා.

  • නිමක් නැති ෆීඩ් එකක් වෙනුවට ඉගෙනගන්න මඟක්

    හැම පාඩමකින්ම සිතියමේ තවත් පියවරක් ඉදිරියට යන්න, එක ලෝකයක් ඉවර කළාම ඊළඟ ලෝකය ඔයාට විවෘත වෙනවා.

  • ඊළඟ ලෙවල් එකට යන්න. ඇත්තටම.

    ඔයාගේම චරිතයක් හදාගන්න, හැම පාඩමක් එක්කම ඒ චරිතය මට්ටමින් ඉහළ යනවා, ලීගවලත් ඉස්සරහට යනවා.

මානව සම්පත් අංශයට

සේවකයන් ඇත්තටම ඉගෙනගන්නවාද කියලා ආයෙත් හිත හිතා ඉන්න ඕනෙ නැහැ

කවුද ඉගෙනගන්නේ, කොච්චර දියුණු වෙලාද, එක් එක් කෙනාගේ ඉංග්‍රීසි මට්ටම මොකක්ද කියලා එකම ඩෑෂ්බෝඩ් එකෙන් බලන්න. විස්තර ඉල්ලන්න එක්කෙනා පස්සේ යන්න ඕනෙ නැහැ.

සේවකයන්ගේ ක්‍රියාකාරීත්වය

පසුගිය දින 30 · උදාහරණ දත්ත

  • භාවිතයේ ඇති ගිණුම්

    මුදල් ගෙවා ඇතුළත් කළ සේවකයන්ගෙන් සතියකට කී දෙනෙක් ඉගෙනගන්නවාද කියලා බලන්න

  • එක් එක් සේවකයාගේ ඉංග්‍රීසි මට්ටම

    ඉගෙනීමේ ප්‍රගතියත් එක්ක CEFR මට්ටම (A1-C1) යාවත්කාලීන වෙනවා

  • එක් එක් සේවකයාගේ ඉගෙනුම් ක්‍රියාකාරකම්

    සතියේ ඉගෙන ගත් මිනිත්තු ගණන, අවසන් කළ පාඩම් සහ Streak

  • මුදල් අංශයට ඕනෑ වෙලාවට වාර්තා සූදානම්

    තිරයේ පෙනෙන දත්ත ඒ විදිහටම CSV ගොනුවක් ලෙස බාගන්න.

Tutoro ගැළපෙන්නේ කාටද?

ඉංග්‍රීසි ටිකක් දියුණු කරගත්තත් දවසේ වැඩ ගොඩක් පහසු වෙන අයට.

පටන් ගන්න

  • පාරිභෝගික සහාය කණ්ඩායම්

  • අලෙවිය

  • ඉංජිනේරු අංශය

  • හෝටල් හා ආපනශාලා

  • සිල්ලර වෙළඳාම

  • සෞඛ්‍ය සේවා

  • අලෙවිකරණය

සාර්ථක අත්දැකීම්

සමාගම් තුනක සිදු වූ වෙනස

  • ඉස්සර සේවකයන්ගේ ඉංග්‍රීසි ඉගෙනගන්න තිබුණු උනන්දුව දිගටම තියාගන්න එක අමාරු වුණා. Tutoro එක්ක එයාලා ආසාවෙන් ඉගෙනගන්නවා, අතරමග නවත්වන්නෙත් නැහැ. සමාගමෙන් ලැබෙන වටිනා ප්‍රතිලාභයක් විදිහටයි එයාලා ඒක දකින්නේ. රැකියාව ගැන එයාලගේ තෘප්තියත් වැඩි වෙලා.

    මානව සම්පත් ප්‍රධානී

    Northbeam

  • අපේ පාරිභෝගික සේවා නිලධාරීන් දැන් විදෙස් පාරිභෝගිකයන් එක්ක කතා කරන්නේ වැඩි විශ්වාසයකින්. ප්‍රශ්න විසඳන්න ඉහළ නිලධාරීන්ට යොමු කරන්න වෙන්නෙත් අඩුවෙන්. එයාලා වඩා පැහැදිලිව අදහස් කියනවා, වැඩ තනිවම කරගන්නවා. පාරිභෝගිකයන්ටත් වඩා හොඳ සේවාවක් ලැබෙනවා.

    පාරිභෝගික සහාය අංශයේ ප්‍රධානී

    Altavia

  • පුහුණුවට වැය කරන මුදලින් ලැබෙන ප්‍රතිඵල දැන් අපිට පැහැදිලිව පේනවා. කවුද ඉගෙනගන්නේ, කොච්චර දියුණු වෙලාද, තව දියුණු කරගන්න ඕන පැති මොනවාද කියලා Tutoro දත්තවලින් දැනගන්න පුළුවන්. දැන් අපි තීරණ ගන්නේ සැබෑ දත්ත බලලා.

    ප්‍රධාන මෙහෙයුම් නිලධාරී

    Helioworks

මිල ගණන්

එක් සේවකයෙකුට මසකට $9 සිට

සේවකයන් කී දෙනෙක් ඉගෙන ගන්නවාද?

එකම විශේෂ අඩු මිලකට ඔයාගේ සේවකයන් හැමෝටම දිගටම ඉගෙනගන්න දෙන්න.

එක් සේවකයෙකුට මසකට

කණ්ඩායම් පන්තිවලට යන වියදම

තනි පන්තිවලට යන වියදම

එකට වියදම ගණන් බලමු

ඉගෙනගන්න අය 1,000 කට වැඩි නම්, ඔයාගේ සමාගමට වෙනම මිල ගණන් දෙන්නම්. ගණන වැඩි නිසා විශේෂ අඩු මිලකුත්, ඉන්වොයිසි මගින් ගෙවන්න පහසුකමත් ලැබෙනවා. අපේ අලෙවි කණ්ඩායම එක්ක එකතු වෙලා ගාස්තුව ගණන් බලමු.

ඩෙමෝ එකකට වේලාවක් වෙන් කරගන්න

දායකත්ව කාලය

ඉගෙන ගන්නා අය

Tutoro, ඔයාගේ පැකේජය

ඕනෑම වෙලාවක අවලංගු කරන්න

ආයතනයෙන් කී දෙනෙක් ඉගෙනගන්නවද?

එකම වට්ටම් මිලකට ඔයාගේ මුළු කණ්ඩායමටම සතුටින් දිගටම ඉගෙනගන්න ඉඩ දෙන්න.

නිතර අහන ප්‍රශ්න

  • අපේ සමාගමේ Tutoro පාවිච්චි කරන්න පටන් ගන්නේ කොහොමද?

    ඔයාගේ සමාගමට ගිණුමක් හදන්න. සේවකයන් ගණන තෝරලා එයාලට ආරාධනා යවන්න. හැම කෙනෙකුටම තමන්ගේ මට්ටමටත් ඉලක්කවලටත් ගැළපෙන ඉංග්‍රීසි පාඩම් ලැබෙනවා. මුලින්ම Tutoro වැඩ කරන හැටි බලන්න කැමතිද? අපි එක්ක ඒක බලන්න වෙලාවක් වෙන් කරගන්න.

  • Tutoro මිල කීයද? ගෙවන්නේ කොහොමද?

    Tutoro එක් සේවකයෙකුට මාසෙකට $9 සිට. අවම වශයෙන් සේවකයන් 5 දෙනෙක් එක් කරන්න ඕන. කාඩ්පතෙන් ගෙවන්න, නැත්නම් සමාගමේ ඩෑෂ්බෝඩ් එකෙන් ස්වයංක්‍රීයව ඉන්වොයිසියක් සකස් කරගන්න.

  • එක් සේවකයෙකුගේ දායකත්වය වෙනත් සේවකයෙකුට දෙන්න පුළුවන්ද?

    පුළුවන්. සේවකයෙක් ඉවත් වුණොත් හෝ තවදුරටත් Tutoro අවශ්‍ය නැත්නම්, එයාගේ සාමාජිකත්වය වෙන කෙනෙකුට දෙන්න. එතකොට සේවකයෙක් මාරු වෙන හැම වතාවකම අලුත් සාමාජිකත්වයක් මිලදී ගන්න ඕන නැහැ.

  • ඕනෑම වෙලාවක ඉගෙනගන්න සේවකයන්ගේ ගණන වැඩි අඩු කරන්න පුළුවන්ද?

    ඔයාට අවශ්‍ය විදිහට සාමාජිකත්ව ගණන වැඩි කරන්න හෝ අඩු කරන්න පුළුවන්. හැබැයි අවම වශයෙන් 5 ක් තියාගන්න ඕන. ගාස්තු වෙනස් වෙන විදිහ ඔයාගේ දායකත්වයේ කොන්දේසි අනුව තීරණය වෙනවා.

  • Tutoro එක්ක සේවකයන් ඉගෙනගන්නේ මොනවද?

    ඉංග්‍රීසි ඉගෙනගන්න ඕන හැම දේම Tutoro එකේ තියෙනවා. AI ගුරුවරයෙක් එක්ක පාඩම් කරන්න. කතා කරන්න, සවන් දෙන්න, කියවන්න පුරුදු වෙන්න. පිළිතුරු දෙමින් කරන අභ්‍යාස, උච්චාරණය පරීක්ෂා කරගැනීම සහ එවෙලේම හරි වැරදි දැනගැනීමත් එකම ඇප් එකකින්.

  • එක් එක් සේවකයාගේ ඉංග්‍රීසි මට්ටමට ගැළපෙන විදිහට Tutoro වෙනස් වෙනවද?

    ඔව්. හැම සේවකයෙකුටම තමන්ගේ ඉංග්‍රීසි මට්ටමටත් ඉලක්කවලටත් ගැළපෙන ඉගෙනුම් සැලැස්මක් ලැබෙනවා. ක්‍රීඩා වගේ රසවත් ක්‍රියාකාරකම් නිසා දිගටම ඉගෙනගන්න ආසාවත් තියෙනවා.

  • සේවකයන් දවසකට කොච්චර වෙලාවක් ඉගෙනගන්න ඕනද?

    එක වතාවකට විනාඩි 15 ක් වුණත් ඇති. සේවකයන්ට තමන්ට පහසු වෙලාවක ඉගෙනගන්න පුළුවන්. නියම කරපු පන්ති වෙලාවක් නැහැ. කලින් පාඩම්වලට වෙලාව වෙන් කරගන්න ඕනත් නැහැ.

  • දිගටම ඉගෙන ගන්න Tutoro සේවකයන්ව උනන්දු කරන්නේ කොහොමද?

    Tutoro එක් එක් සේවකයාට ගැළපෙන පාඩම්, ක්‍රීඩා අංග, තෑගි සහ ක්‍රියාකාරීව සහභාගී වෙන්න පුළුවන් අභ්‍යාස එකට ගෙන එනවා. ඒ නිසා හැමදාම ඉගෙනගන්න ආස හිතෙනවා, ටිකෙන් ටික ඒක පුරුද්දක් වෙනවා.

  • එක් එක් සේවකයාගේ ප්‍රගතිය මානව සම්පත් අංශයට බලන්න පුළුවන්ද?

    ඔව්. සමාගමේ ඩෑෂ්බෝඩ් එකෙන් එක් එක් සේවකයා කොච්චර නිතර ඉගෙනගන්නවාද, කොච්චර දියුණු වෙලාද කියලා බලන්න පුළුවන්. ඒ නිසා HR අංශයට කවුද පුහුණුවට සහභාගී වෙන්නේ සහ කණ්ඩායම කොහොමද ඉදිරියට යන්නේ කියලා පහසුවෙන් දැනගන්න පුළුවන්.

  • සේවකයන්ට සමාගමේ ඊමේල් ලිපිනයක් තියෙන්න ඕනද?

    නැහැ. ආරාධනා කේතය වැඩ කරන තැන ඊමේල් ලිපිනයට බැඳිලා නැහැ. කේතය භාවිත කරන කෙනාට සාමාජිකත්වය ලැබෙනවා. සේවකයෙක් දැනටමත් පෞද්ගලික ගිණුමකින් Tutoro භාවිත කරනවා නම්, ඒ ගිණුමටම සාමාජිකත්වය එක් කරගන්න පුළුවන්. එයාගේ Streak, ලීගය සහ වචන එකතුවත් ඒ විදිහටම තියෙනවා.

  • පටන් ගන්න අවම වශයෙන් සේවකයන් කී දෙනෙක් ඕනෑද?

    සේවකයන් 5 දෙනෙකුගෙන්ම Tutoro පටන් ගන්න පුළුවන්. ඒ නිසා කුඩා කණ්ඩායම්වලටත් වර්ධනය වන සමාගම්වලටත් ගැළපෙනවා.

හොඳ ප්‍රතිඵල දෙන පුරුද්දක්

ඔයාගේ සේවකයන්ට ඉංග්‍රීසි ඉගෙනගන්න වඩා හොඳ ක්‍රමයක් දෙන්න. එක් එක් කෙනාට ගැළපෙන, ආසාවෙන් කරන්න පුළුවන් පාඩම්වලට වැඩ කරන දවසක වුණත් ලේසියෙන් වෙලාව හොයාගන්න පුළුවන්.

පටන් ගන්න

ඩෙමෝ එකකට වේලාවක් වෙන් කරගන්න